සාරා ගැන හොඳ කියලා



සාරා අලී ඛාන් උපතින්ම සුපිරි නිළියක බවත් ඉදිරියේදී තිරගත වීමට නියමිත ඇයගේ ‘කෙඩර්නාත්’ සහ ‘සිම්බා’ චිත්‍රපට අතිශය සාර්ථක වනු ඇති බවත් කරීනා කපූර් කියයි.

25 හැවිරිදි  සාරා අලී ඛාන් යනු සයිෆ් අලී ඛාන් සහ අම්රිතා සිං ගේ දියණියයි. කරීනා කපූර් යනු සයිෆ් අලී ඛාන්ගේ වර්තමාන බිරිඳය.

පසුගිය දා ‘කොෆී විත් කරන්’ සංවාදශීලී වැඩසටහනට සාරා අලී ඛාන් සහභාගී වූවාය. ඒ තනිවම නොව පියා සයිෆ් අලී ඛාන් ද සමඟය. එම වැඩසටහන අතිශය ජනප්‍රිය විය. සමාජ ජාල ඔස්සේ බොහෝ දෙනා තවමත් ඒ ගැන කතා කරන බව පැවැසෙයි.

‘මම දන්නවා සාරා කියන්නේ උපතින්ම සුපිරි නිළියක් වෙන්න දක්ෂ තැනැත්තියක්. ඇයට හොඳට රඟපාන්න පුළුවන්. එය දක්ෂයි. හරිම ලස්සනයි. හැඩයි. ඇයට හොඳ අනාගතයක් තියෙනවා’ යැයි කරීනා කපූර් මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇත.

සාරා අලී ඛාන් රංගනයෙන් දායක වන ‘කෙඩර්නාත්’ චිත්‍රපටය දෙසැම්බර් 7 වැනිදාත්, ‘සිම්බා’ චිත්‍රපටය දෙසැම්බර් 28 වැනිදාත් තිරගත වීමට නියමිතය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS