ස්ත්‍රී හරහා ශ්‍රද්ධා ජනප්‍රියයි



ශ්‍රද්ධා කපූර් බොලිවුඩයේ අතිශය ජනප්‍රිය සුරූපිනියකි. ශ්‍රද්ධා කපූර් ගැන මේ දිනවල කතාබහක් නිර්මාණය වී ඇත්තේ ඇය රංගනයෙන් දායක වන ‘ස්ත්‍රී’ චිත්‍රපටය හේතුවෙනි.

‘ස්ත්‍රී’ යනු ප්‍රහසනය ද කැටිවුණු හොල්මන් චිත්‍රපටයකි. ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වන්නේ නමක් නොමැති අබිරහස් මෙන්ම සුරූපී තරුණියගේ චරිතයටය.

ශ්‍රද්ධා කපූර් චිත්‍රපටයේ අදින ඇඳුම් පැළැඳුම් පමණක් නොව, ඇගේ කොණ්ඩා විලාසිතා ඉන්දීය තරුණියන් අතරේ අතිශය ජනප්‍රිය වී ඇති බව පැවැසෙයි.

ඉන්දියාවේ තරුණියන් බොහෝ දෙනකු ශ්‍රද්ධාගේ විලාසිතා අනුගමනය කරන බව ද ඉන්දීය පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර ඇත.

ස්ත්‍රී චිත්‍රපටයට පාදක වන්නේ කුඩා නගරයක් සම්බන්ධ කතාවකි. මෙම නගරයේ එක් සැණකෙළියක් පැවැත්වෙන කාලයට තරුණයන් අතුරුදන් වෙයි. ඉතිරි වන්නේ ඔවුන් ඇඳ සිටින ඔවුන්ගේ ඇඳුම් පමණි.

එක් ස්ත්‍රී ආත්මයක් ආදරය පෙන්වා තරුණියන් බිල්ලට ගන්නා බව පැවැසෙයි. ‘ස්ත්‍රී’ චිත්‍රපටයට පාදක වන්නෙ මෙම සිදුවීම්  පෙළය.

පසුගිය අගෝස්තු 30 වැනිදා ලොව පුරා තිරගත වුණු ‘ස්ත්‍රී’ චිත්‍රපටය මේ වනවිට බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් තිරගත වන බව ද වාර්තා වේ. මෙම චිත්‍රපටය අමාර් කෞෂික්ගේ අධ්‍යක්ෂණයකි.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS