සඳමත පය තැබූ නව වැනියා සමුගනී



සඳමත පය තැබූ නවවැනියා ලෙස සැලකෙන නාසා ගගනකගාමී ජෝන් යංග් දිවියෙන් සමුගත් බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ජෝන් යංග් ගගන මෙහෙයුම් හයකට සම්බන්ධ විය. ඔහු ගගන කටයුතුවල පුරෝගාමියකු බව ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.

එක් මෙහෙයුමක් අතරතුරේ ඔහු නාසා බලධාරීන්ට හොරෙන් හංගාගෙන පාන් පෙති සහ ඇඹරූ මස් යොදා සකස් කළ සැන්ඞ්විච් උඩු ගුවනට රැගෙන ගියේය. එම මුල්කොට ගනිමින් ජෝන් යංග් ඇමෙරිකානුවන් අතර ජනප්‍රිය චරිතයක් ද විය.

මියයනවිට යංග් 87 හැවිරිදි වියෙහි පසුවුණු බව නාසා ආයතනය වැඩි දුරටත් කියා සිටී. යංග් ඇමෙරිකා නාවික හමුදාවේ ගුවන් යානා අත්හදා බැලීම් කළ නියමුවෙකි. ඔහු නව වැනියා ලෙස සඳට පය තැබුවේ 1972 වසරේදීය. නාසා ආයතනය සමඟ එක් වී වසර 42 කට පසු 2004 වසරේ දී යංග් විශ්‍රාම ගියේය.

ජෝන් යංග් 1960 දශකයේ ‘ජෙමිණි’ මෙහෙයුම්වලයත්, 80 දශකයේ දී අභ්‍යවකාශ ෂටල යොදා ගනිමින් සිදු කළ ගගන මෙහෙයුම්වලටත් සම්බන්ධ විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS