සනී ලියොන් දැන් තිදරු මවක්



බොලිවුඞ් සරාගිනිය සනී ලියොන් දැන් තිදරු මවක යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

සනී ලියෝන්ගේ සැමියා ඩැනියෙල් වෙබර්ය. ඔවුහු දෙදෙනා මේ වනවිට ‘ගර්භාෂ කුළියට ගැනීමේ ක්‍රමය’ යටතේ පිරිමි දරු දෙදෙනකුගේ මවුපියන් බවට පත් වී සිටිති.

අලුත උපන් පුතුන් දෙදෙනා නෝවා සහ අෂර් යනුවෙන් නම් කර තිබේ. සනී ලියෝන්ගේ ඩැනියෙල් වෙබර් යුවල නීෂා නමැති දියණියක ද සිටී. සනී ලියොන් සහ වෙබර් ඇය දරුකමට ගත්තේ පසුගිය වසරේදීය. ඇය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ළමා නිවසක සිටි දැරියකි. දරුකමට ගනිද්දී නිෂාගේ වයස මාස 21 ක් විය.

‘නෝවා සහ අෂර්ගේ අම්මා තාත්තා අපි දෙන්නා. කුලී ගර්භාෂ ක්‍රමයටයි අපිට ඔවුන් ලැබුණේ. ඒක දේව ආශිර්වාදයක්. අවුරුදු ගණනක් තිස්සේ අපේ පවුලට ලොකු අඩුවක් දැනුනා. දැන් අපේ පවුල සම්පූර්ණයි’ කියමින් සනී ලියොන් ට්විටර් පණිවුඩයක් ද සටහන් කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS