ෂාරුක්ට සුබ උපන් දිනයක්



මුළු ලෝකයම ආදරේ කරන බොලිවුඩ් කිං ඛාන් නැත්නම් ෂාරුක් ඛාන් ගේ 53 වැනි උපන්දිනය අදට (02) යෙදී තිබෙනවා.

ෂාරුක් ට උපන්දින සුබ පැතුම් එක් කල අතර ලක්ෂ සංඛ්‍යාත රසිකයින් මෙන්ම ෂාරුක්ගේ බිරිද වන ගෞරි ඛාන් ගේ සුබ පැතුම ෂාරුක්ගේ හිත ගත් එකක් බවට පත්වෙලා කියලයි බොලිවුඩ් ආරංචි මාර්ග කියැවේ.

අද අලුයම් කාලයේදී ෂාරුක් ගේ බිරිය ඔහු වෙනුවෙන් උපන්දින කේක් ගෙඩියක් කැපීමටත් අමතක කරලා නැහැ.මේ අවස්ථාවට ආර්යන් , සුහානා සහ ඒබ්‍රහම් යන දරුවන් තිදෙනා එක්ව ඇති අතර මේ පුංචි සාදයෙන් ෂාරුක් පුදුමයට පත් වී ඇත.

ඉන්පසු තම " මන්නත් " නිවස ඉදරිපිටදී දහස් සංඛ්‍යාත රසිකයින් හමුවී ඔවුන්ගේ සුබ පැතුම් සහ ආශිර්වාද ලබා ගැනීමට ද ෂාරුක් අමතක නොකළේය.

( තිළිණි ද සිල්වා )

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS