ෂාරුක් දුවට අවසර දෙයි



සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගේ දියණිය සුහානා ඛාන්ගේ 18 වන උපන්දිනය ඊයේට (23)යෙදී තිබිණි.

මේ නිසා ඇයට බොහෝ අය සුබපැතුම් එක්කර තිබුණා.

මේ අතර ෂාරුක්  ඛාන් ද සිය ෆේස්බුක් පිටුව ඔස්සේ දියණියට සුබ පතා තිබෙන අයුරු හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙනවා. ඒ “සියලුම දියණියන් මෙන් ඔයාත් පියාසර කරන බව මම දැනගෙන හිටියා. ඉතින් ඔයා අවුරුදු 16 ඉඳලා කරපු දේවල් දැන් ඔයාට නීත්‍යානුකූල විදියට කරන්න පුළුවන්” යැයි සදහන් වීමත් සමගිනි.

මේ ප්‍රකාශයෙන් ඔප්පු වන්නේ ෂාරුක් තම දරුවන්ට උපරිම නිදහසක් ලබා දී ඇති බව ⁣ෂාරුක් රසිකයින් ඔහු විසින් දැමූ ෆේස් බුක් සටහනට පිලිතුරු ප්‍රතිචාර දක්වමින් කියා තිබිණි.

( තිළිණි  ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS