ෂාරුක් දියණිය වෝග් සඟරාවේ



ලෝ සුපතල ‘වෝග්’ විලාසිතා සඟරාව සංවිධානය කරන සුරූපිනයන්ට සම්මාන ලබා දීමේ විශේෂ උලෙළක් නවදිල්ලියේදී පැවැත්විණි.

එම උලෙළ හැඩ ගැන්වීමට සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් පැමිණියේය. එහිදී ෂාරුක් නවතම වෝග් සගරාවේ කවරය සහ ඇතුළත ඡායාරූප පෙන්වූයේ මහත් ආඩම්බරයෙනි. ඒ, නවතම ‘වෝග්’ සඟරාවේ කවරය මෙන්ම ඇතුළත පිටු අලංකාර වී ඇත්තේ, ෂාරුන්ගේ දුව සුහානා ඛාන්ගෙන් නිසාය.

දියණිය ගැන සැබැවින්ම තමන් ආඩම්බර වෙන බවත්, මෙය තම ජීවිතයේ සතුටුදායක මොහොතක් බවත් ෂාරුක් රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේය.

18 හැවිරිදි වියෙහි පසුවන සුහානා මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝ කතාබහට ලක් වෙයි. සුහානා ගේ ඡායාරූප පළ වී ඇත්තේ ඉන්දියා මුද්‍රණය කෙරෙන ‘වෝග්’ සඟරාවේය.

සුහානා ඛාන් ද මේවනවිට ෂාරුක්ගේ අඩිපාරේ යමින් බොලිවුඞ් සුපිරි තරුවක් වීමට අපේකෂා කරන්නීය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS