ෂාරුක් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය පකිස්ථානයෙන් !



හැමෝගෙම ආකර්ෂණය දිනා ගන්න ෂාරුක් ඛාන් මේ දිනවල නම් කාර්ය බහුල වෙලා ඉන්නේ මේ මාසයේ තිරගත වෙන්නට සූදානම් වන Raees චිත්‍රපටය නිසයි. Raees චිත්‍රපටය නිසා බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන අලුත්ම තාරකාවිය ගැනත් හැමෝම උනන්දු වෙනවා.
ෂාරුක් සමඟ මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පෙනී ඉන්න ඇය මහිරා ඛාන්. ඇය පකිස්තානු නිළියක් වගේම සම්මාන කිහිපයක්ම දිනා ගනිමින් පාකිස්තානු චිත්‍රපට ක්‍ෂේත්‍රයේ වැඩිම ආදායමක් ලබන නිළියක් වීමත් විශේෂත්වයක්. 2012 වසරේ සිටම පාකිස්තානු ටෙලි නිළියක ලෙස හොඳම නිළිය සම්මානයට කිහිප වරක්ම නිර්දේශ වීමටත් සම්මාන ලැබීමටත් ඇය වාසනාවන්ත වුණා.
නමුත් ඇය Raees චිත්‍රපටයෙන් තමයි බොලිවුඩයට ආරම්භයක් ලබා ගන්නේ. ශාරුක්ගේ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයෙන් දිපිකා නම් සිනමාවට හා හා පුරා කියලා පයතියලා අද බොලිවුඩයේ සාර්ථක ගමනක් යමින් ඉන්නවා. මහිරාත් ෂාරුක් සමඟ බොලිවුඩට පා තැබීම ඇයට වාසනාවක් වෙයි කියලා හැමෝගෙම බලාපොරොත්තුවක් තියෙනවා.


( තිළිණි ද සිල්වා )
ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි...

 


RECOMMEND POSTS