ෂාරුක් එක්ක සල්මාන්



බොලිවුඞ් රජු ෂාරුක් ඛාන්ගේ නවතම සිනමා නිර්මාණය ‘සීරෝ’ ලබන දෙසැම්බරයේ තිරගතවීමට නියමිතය.

කවුරුත් පුලපුලා බලා සිටි ෂාරුක්ගේ ‘සීරෝ’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක්, මේ වනවිට එළිදක්වා ඇත්තේ කවුරුත් පුදුමයට පත් කරමිනි.

‘සීරෝ’ චිත්‍රපටයේ, ෂාරුක් උසින් අඩු එසේත් නැතිනම් කුරු චරිතයකට පණ දෙයි. එය හරියට ‘ෆෑන්’ චිත්‍රපටයේ ඔහු ගැටවර ෂාරුක් කෙනකුගේ චරිතයට පණ දුන් ආකාරයටය.

එළිදැක්වුණු පූර්ව ප්‍රචාරක පටයේ, ෂාරුක් ප්‍රසංග වේදිකාවට පැමිණෙයි. ඔහු සිටින්නේ තනිවම නොවේ.

තවත් බොලිවුඞ් සුපිරි තරුවක් වන සල්මාන් ද ඔහු සමඟ සිටින අතර, දෙදෙනා අපූරු රංගනයක සහ ගායනයක නියැළෙති.
ෂාරුක් සහ සල්මාන්ගේ මෙම අපූරු සුසංයෝගය දැකීමෙන් බොලිවුඞ් රසික රසිකාවියන් අමන්දානන්දයට පත්ව ඇතැයි බොලිවුඞ් පුවත් සේවා වාර්තා කරයි.

(බොලිවුඞ් පුවත්)

පූර්ව ප්‍රචාරක පටය https://youtu.be/89aTDByJTz4


RECOMMEND POSTS