වේදනාවෙන් මියගිය ඇතින්න



හක්කපටස් සහිත අන්නාසි ගෙඩියක් ආහාරයට ගනිද්දී පුපුරා යෑමෙන් තුවාල සිදුවුණු ගැබ්බර ඇතින්නක, තුවලයේ වේදනාව දරා ගැනීමට නොහැකිව, නදියක බැස එම නදියේ සිටගත් ඉරියව්වෙන්ම මියයෑමේ සිදුවීමක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ.
 

ඇතින්න මියගොස් ඇත්තේ, අධික වේදනායකිනි.  හක්කපටස් පුපුරා යෑමෙන් සිදුවුණු තුවාලය හේතුවෙන් ඇයට ආහාර ගැනීමට පවා නොහැකි වී ඇත. ඇතින්න ගැන මෙම හද කම්පා කරවන පුවත වාර්තා වන්නේ කේරළයේ පලක්කඩ් දිස්ත්‍රික්කයෙනි. ඇය අන්නාසි කෑමට ප්‍රිය කර ඇත.ගැමියන් අන්නාසි වල හක්කපටස් යොදන්නේ වගාවන් වල් ඌරන්ගෙන් ආරක්ෂා කරගැනීමට බව වන ජීවී නිලධාරීහු පවසති. කෙසේ නමුත් ගැමියන් ඇතින්න මෙසේ අන්නාසි ආහාරයට ගැනීම පැමිණෙන බව දැන සිට ඇති අතර, ඇය ඉලක්ක කර ගනිමින් හිතාමතා හක්කපටස් සගවා තබන්න ඇති බව ද වන ජීවී නිලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

තවත් මාස 18කින් 20කින් කුඩා පැටවෙකු මෙලොවට බිහි කිරීමට නියමිත ව තිබුණු ඇතින්න, තමාටත් පැටවාටත් කුසගිණි නිවාගැනීම පිණිස ආහාර සොයා ගම්මානයට පැමිණෙන්න ඇතැයි පැවැසෙයි.

දරාගත නො හැකි වේදනාවකින් ගම වටා ගිය ඇතින්න කිසිවකුට හෝ කිසිදු නිවසකට හෝ හානියක් කර නැත. අවසානයේ ඇගේ ගමනාන්තය වී ඇත්තේ වෙල්ලියාර් නදියයි. එය ඇගේ ජීවන ගමනේ ද අවසානය විය.  වෙල්ලියාර් නදිය ට බැස මුඛයේ වූ තුවාලය සම්පුර්ණයෙන් ම වතුරෙන් වැසී යන තැනකට ගිය ඇය වේදනාවෙන් එහි රැදී සිටියාය. ඇය අවසන් සුසුම් හෙළුවේ ද එම ඉරියව්වෙනි.

වන ජීවී නිලධාරීන්ය ඇයට පිහිට වීමට හැකි වූයේ නැත. මියගිය ඇතින්නගේ සිරුර  අසීරුවෙන් ගංගාවෙන් පිටතට ගෙන ඒමට ට්‍රක් රථයක් යොදා ගැනීමට සිදුවිය.

ගැබ්බර ඇතින්නගේ මෙම වේදනාකාරී මරණය අසන්න ලැබීමෙන් තමන් කම්පනයට පත් වුණැයි කේරළ මහ ඇමැති පිනරායි විජයන් මාධ්‍ය හමුවේ පැවැසුවේය. කේරළ අලි ඇතුන් ආරක්ෂා කිරීමට නව නීති සකස් කරන බවත් මහ ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගනිමින් ඔවුන් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ට කිසිදු සමාවක් ලබා නොදෙන බවත් කේරළ මහ ඇමැතිවරයා පමණක් නොව, කේරළයේ ප්‍රධාන අඩවි වන නිලධාරි සරේන්ද්‍ර කුමාර් පවසා තිබේ.

එන්.ඩී.ටීවී.


RECOMMEND POSTS