විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට



2020 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලයින් ජූරී සමත් වූවාය.

ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගය පැවැත්වූයේ ඇමෙරිකාවේ නවාඩා හි ලොස් ඇන්ජලීස් නුවරදීය.

රෝසි සේනානයක මහත්මියගෙන් පසු, ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. සේනානායක මහත්මිය එම කිරුළ දිනා ගත්තේ 1984 දීය.

2020 ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය අයර්ලන්තය නියෝජකය කළ සුරූපිනියටත් තෙවැනි ස්ථානය ඇමෙරිකාවට අයත් වර්ජින් අයිලන්ඞ් දූපත් නියෝජනය කළ සුරූපිනියටත් හිමිවිය.

(කොළම්බෝ ගැසට් ඇසුරිනි)


RECOMMEND POSTS