වැඩිම ආදායම් බදු සල්මන් ඛාන් ගෙන් !



2016 – 2017 වසරේ වැඩිම ආදයම් බදු ගෙවූ බොලිවුඩ් තරු අතර ප්‍රමුඛස්ථානය සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ට හිමිවිය. 

එහි දෙවන, තෙවන සහ සිව්වැනි  ස්ථාන හිමිවූයේ පිළිවෙළින් අක්ෂේ කුමාර්,  රිතික් රෝෂන් සහ ආමීර් ඛාන් ටයි.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළේ, සල්මන් ඛාන් එම කාල සීමාව තුළ ඉන්දීය රුපියල් කෝටි 44.5ක මුදලක් ආදයම් බදු වශයෙන් රජයට ගෙවා ඇති බව ය.

ඒ අනුව 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ සල්මන් ඛාන්ගේ ආදායම 39%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ද බොලිවුඩ් තොරතුරු වාර්තා කළේ ය.

වැඩි ම ආදයම් බදු ගෙවූ බොලිවුඩ් නිළියන්ගෙන් එම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 අතරට ඇතුළත්ව සිටින්නේ දීපිකා පදුකෝන්, කරීනා කපූර් සහ ආලියා භාත් යන අයයි.

එම ලැයිස්තුවේ මුල් 10දෙනා අතර වැඩි ම ආදායමක් උපයන එකම චිත්‍රපට අධ්‍යක්ෂවරයා බවට පත්වූයේ, කරන් ජොහාර් ය.

 

( තිළිණි ද සිල්වා )
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි......


RECOMMEND POSTS