වයස්ගතම මිනිසා ජපානයේ



ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නව ගිනස් වාර්තා අතරට ජපානයේ මසාසෝ නොනකා එක් වන බව ගිනස් කමිටුව වාර්තා කළේය. නොනකාගේ වයස අවුරුදු 112 කි.

නොනකා උපත ලබා ඇතැයි පැවැසෙන්නේ 1905 වසරේදීය. ඔහු අෂරෝ පළාතේ පදිංචි වැසියෙකි. තමාගේ ප්‍රියතම කෑම ස්ට්‍රෝබෙරි කේක් බව ඔහු කියයි.

ලොව වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් වැඩියෙන් වාසය කරන රට වන්නේ ජපානයයි. ජපාන පුවත් සේවා පෙන්වා දෙන අන්දමට ජපානයේ අවුරුදු 100 ඉක්මවූවෝ 68,000 ක් සිටිති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS