ලොව වයස්ගතම පුද්ගලයා මියයයි



ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටි ඉතාලි ජාතික එමා මොරානෝ අවසන් සුසුම් හෙළුවාය. මියයනවිට ඇගේ වයස අවුරුදු 117 කි.

එමා මොරානෝ උපත ලබා ඇත්තේ 1899 වසරේ නොවැම්බරයේ, ඉතාලියේ පිඩෝමොන් පළාතේදීය. 1800 දශකයේ උපත ලබා මෙතෙක් ජීවතුන් අතර සිටි එකම තැනැත්තා වූයේ ද මැය යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ එමා මොරානෝට මෙසේ දීර්ඝායු ලැබීමට වාසනාව උදා වූයේ ඇයට නිරෝගී ජාන පිහිටීමක් තිබුණු නිසා බවය. එමා මොරානෝ දිනකට බිත්තර තුනක් ආහාරයට ගත් බවත් එයින් බිත්තර දෙකක් ඇය අමුවෙන් ආහාරයට ගත් බවත් පැවැසෙයි.

ශත වර්ෂ තුනකට වඩා ජීවත් වුණු එමා මොරානෝ අසාර්ථක විවාහයකින් පීඩා විදි තැනැත්තියකි. ඇය නිරන්තරයෙන් සැමියාගේ අඩන්තේට්ටම්වලට ලක් වූවාය. එමා මොරානෝට පුතකු සිටි නමුත් ඔහු අකාලයේ මියගොස් ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS