ලොව ප්‍රථම ට්‍රිලියනපති !



මයික්‍රසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් තවත් වසර 25කට පසුව ලොව ප්‍රථම ඇමරිකානු ඩොලර් ට්‍රිලියනපතියා බවට පත් වීමේ අවස්ථාවක් පවතින බව ජාත්‍යන්තර ඔක්ස්ෆාම් සංවිධානය පවසනවා.

ඔවුන් අනාරවණය කරන ආකාරයට බිල් ගේට්ස්ට වයස අවුරුදු 82 සපිරෙන වසර 2042දී ඔහු මෙම පොහොසත් බවේ ට්‍රිලියනයක කඩඉමට පැමිණෙනු ඇතැයි සඳහන්.

මෙම ඔක්ස්ෆාම් සංවිධානය පවසන ආකාරයට බිල් ගේට්ස් 2006 වසරේදී මයික්‍රසොෆ්ට් සමාගමෙන් ඉවත් වූ අවස්ථාවේදී ඔහුගේ සමස්ත වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 50කව පැවතිනි. එහෙත් ඉතිරි දශකය තුලදී ඔහු සිය වත්කම ඩොලර් බිලියන 75 දක්වා වර්ධනය කර ගැනීමට සමත්ව තිබෙනවා.

මෙහිදී විශේෂයෙන්ම සිය මෙලින්ඩා ගේට්ස් පදනම හරහා බොහෝ ප්‍රදානයන් සිදු කර තිබෙද්දීම, ඔහු මේ සා විශාල මුදල් ප්‍රමාණයක් අත්පත් කර ගැනීම කැපී පෙනෙන අවස්ථාවක් බවද ඔවුන් සඳහන් කරනවා. ඒ අනුව ඔබ කොපමණ ප්‍රමාණයක පොහොසතෙකු වුවත් එය තවත් වර්ධනය කර ගැනීම සඳහන් තවත් කැපවිය යුතු බවට මෙය හොඳ සාක්ෂියක් ලෙසද එම සංවිධානය පෙන්වා දෙනවා

 

( තිළිණි ද සිල්වා )
ද ගාඩියන් ඇසුරෙනි...


RECOMMEND POSTS