රොනාල්ඩෝට කොරෝනා



සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටිනෝ රොනාල්ඩෝ කොරෝන ආසාදිතයකු යැයි තහවුරු වී ඇත.

ආසාදිතයකු බව තහවුරු වීමත් සමග රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවත් වෛද්‍යවරුන් ඔහු කෙරෙහි විමසිල්ලෙන් පසුවන බවත් වාර්තා වේ.

රොනාල්ඩෝ ප්‍රමුඛ සිය ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායම පසුගිය දා පීසීආර් පරීක්ෂණ සදහා යොමු කෙරුණි.

ඒ, ඉතාලියේ යුවෙන්ටස් පා පන්දු කණ්ඩායම සමග පැවැති තරගෙයන් පසුවය. යුවෙන්ටස් පාපන්දු කණ්ඩයමේ සාමාජිකයන්ට කොරෝනා වයිරසය ආසාදනය වූ බව අනාවරණය විය. රොනාල්ඩෝ ඇතුළු පිරිස පීසීආර් පරීක්ෂණ සදහා යොමු කෙරුණේ එම අවස්ථාවේදීය.

රොයිටර්


RECOMMEND POSTS