රිතික්ගේ සුපිරි තිහ කල් යයි



රිතික් රෝෂන් රඟන සුපර් 30, සිනමා පටය තිරගත කිරීම දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

එය තිරගත කිරීමට සැලසුම් කර තිබුණේ ලබන ජූලි මස 26 වැනි දායි.

එහෙත් කන්ගනා රනෝට් රඟන මෙන්ටල් හේ ක්‍යා සිනමා පටය එදින සිට තිරගතවීම් ආරම්භ කිරීම හේතුවෙන් සුපර් 30 සිනමා පටය තිරගත කිරීම කල් දැමූ බව රිතික් රෝෂන් පවසයි.

කන්ගනා පසුගිය වසරේදි රිතික් රෝෂන් සමග රහස් පෙම්පලහිලව්වක පැටලී සිටි අතර ඇය විසින් පැවසූ සියලු දෑ රිතික් විසින් බැහැර හැරියේය.මේ සමග දෙදෙනා අතර දැඩි අමනාපයක් ඇතිවිය.බොලිවුඩයේ අය පවරා කන්ගනාට දොස් පවරා රිතික් ගේ පැත්ත ගනු ලැබීය.පසුව දෙදෙනාට දෙදෙනා මුහුණවත් නොබලන මට්ටමේ හතුරන් බවට පත් විණි.

කෙසේවෙතත් රිතක් රගන සුපර් 30, අනුරාග් කාෂ්‍යප් සහ විකාශ් බාල්ගේ අධ්‍යක්ෂණයකි.

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS