රාහුල් ගාන්ධි ආසාදිතයෙක්



ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේ රාහුල් සිය ට්විටර් ගිණුමේ පළ කළ නිවේදනය ද උපුටා දක්වමිනි. තමන් කොරෝනා ආසාදිතයකු බවත් පසුගිය දින කීපයේ තමන් සමීපයට ආ සියලු දෙනා පීසීආර් පරීක්ෂණ වෙත යොමු විය යුතු බවත් රාහුල් ගාන්ධි පවසා ඇත.

50 හැවිරිදි රාහුල් ගාන්ධි, මේ වනවිට වෛද්‍ය උපදෙස් අනුව නිරෝධායනයට යොමු වී ඇතැයි ද වාර්තා වේ. වෛද්‍යවරුන්ට අනුව ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS