රන්බීර්ට සුබ උපන් දිනයක්



බොලිවුඩයේ සිහින කුමරා වන රන්බීර් කපූර් සිය තිස් හය වැනි උපන්දිනය  සැමරු⁣වේය.

සිය වත්මන් පෙම්වතිය වු බොලිවුඩ් සුරෑපී තාරකාව වන ආලියා බාත්  සුවිශේෂී ⁣උපන්දින කේක් ගෙඩියක් සෑදීම මෙවර රන්බීර් ගෙ උපන්දිනේ විශේෂත්වයකි.

රන්බීර්ට ආදරණීය ලෙසින්  සුබ පැතූ  ආලියා " හැපි බර්ත්ඩේ  සන්ෂයින් "  ලෙස රන්බීර් ගේ ඡායාරෑපයක් සිය ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමට එක් කිරීමට අමතක නොකළාය.

ආලියා සහ පවුලේ උදවිය සමග ජීවිතයයේ තිස් හය වැනි කඩඉම සැමරීමට අමතක නොකල රන්බීර් ආලියා ගේ මව වන සෝනි රාස්දාන් ද ඊට සහභාගී කරවා ගැනීම බොලිවුඩ් ඕපාදූප තීරු වල කතා මවන්නක් විණි.

ආලියා ගේ මව පැමිණිමත් සමග බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කර සිටියේ මෙම හමුව බොහෝදුරට රන්බීර් සහ ආලියා ගේ විවාහ ඉක්මනින් කරවීමේ පියවරක් ලෙසයි.

දෙපාර්ශවයේම කැමැත්ත පළ වී ඇති  බොලිවුඩ් පෙම් යුවළට ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා මේ වන විට සුබ පැතුම් එක්කර සිටිති. 25 හැවිරිදි ආලියා සහ 36 හැවිරිදි රන්බීර් ගේ විවාහය 2020 දී සිදුවනු ඇතැයි සදහන් වේ.

( තිළිණි ද සිල්වා )
ටයිම්ස් නව් ඇසුරෙනි.

RECOMMEND POSTS