යූජීන්ගේ රජ මඟුල



බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැුජිනගේ මිණිපිරියක වන 28 හැවිරිදි යූජීන් කුමරියගේ විවාහ මංගල උත්සවය වින්ඞ්සෝර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී පැවැත්විණි.

යූජීන් කුමරියගේ ගත්තේ රාජකීයයකු නොව, සාමාන්‍ය බි‍්‍රතාන්‍ය වැසියෙකි. ඔහු ව්‍යාපාරික 31 හැවිරිදි ජැක් බෲක්ස්බෑන්ක් ය.

2002 වසරේ දී යූජීන් කුමරිය දරුණු අනතුරකට මුහුණ දුන්නාය. එයින් ඇගේ කොඳු ඇට පෙළට හානි සිදුවුණු අතර ඇයගේ සිරුර පණ නැති විය.

වෛද්‍යවරුන් ඇය ඇවිදීමට සලස්වා ඇත්තේ, කොඳු ඇට පෙළට කළ සැත්කමකිනි. අද වනවිට ටයිටේනියම් කූරු දෙකක් ඇගේ කොඳු ඇට පෙළට බද්ධ කර ඇති අතර, ඇය සාමාන්‍ය විදියට ඇවිදින්නේ ඒවායේ පිහිටෙනි.

ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේ පැවැත්වුණු විවාහ මංගල්‍යයට රජ පවුලේ වඩාත් ජනප‍්‍රිය මෙන්ම කැපී පෙනෙන සාමාජිකයන් වන පිලිප් කුමරු, චාල්ස් කුමරු, විලියම් සහ කේට් යුවලත්, හැරී සහ මේගන් යුවලත් සහභාගී වී සිටියහ.

යූජීන් වික්ටෝරියා හෙලේනා කුමරිය දෙවැනි එලිසබත් මහ රැජිනගේ දෙවැනි පුතු යෝක් හි ආදිපාද ඇන්ඩෲ කුමරුන්ගේ බාල දියණියයි. කුමරිය උපත ලබා ඇත්තේ 1990 මාර්තු 23 වැනිදාය. මව යෝක් හි සේරා ආදිපාදවරියයි. යූජීන් කුමරියට වැඩිමල් සොහොයුරියක ද සිටී.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS