මීයා කලීෆා දුකෙන්



නිල් චිත්‍රපට පෝර්න් ස්ටාර් ශිල්පිණියක ලෙස 2014 සිට 2015 කාලයේ ප්‍රසිද්ධියට පත් මීයා කලීෆා අතීතාවර්ජනයක යෙදෙමින් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ලිංගික ජවනිකාවල පෙනී සිටීමෙන්, තමන්ට ලොකු මුදලක් උපයා ගැනීමට නොහැකි වූ බවය.

පෝර්න් ස්ටාර් ශිල්පීන් සහ ශිල්පිනියන්ට ලිංගික ජවනිකාවලට පෙනී සිටීමේදී එක් අවස්ථාවක විශාල මුදලක් හිමිවෙයි. කෙසේ නමුත් තමන්ට එක් අවස්ථාවකදී තමන්ට හමුවූයේ ඇමෙරිකන් ඩොලර් 12,000 ක මුදලක් යැයි මීයා පවසා ඇත.

මීයා කලීෆා පෝර්න් ස්ටාර් නිළියක බවට පත් වූයේ 2014 දීය. ඇය ලිංගික ජවනිකාවල පෙනී සිටියේ මුස්ලිම් තරුණියක ලෙස හිජාබයකින් සැරැසීය.

මේ හේතුව නිසා අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් මීයාගේ ජීවිතයට තර්ජන එල්ල විය.

2015 දී මීයා ලිංගික ජවනිකාවල පෙනී සිටීම නතර කළාය. ඉන්පසු ඇය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වුණු බවත් අද ඉතා අසීරු ලෙස ජීවිතය ගෙවන බවත් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

2014 සහ 2015 කාලයේ ඇමෙරිකන් ලෙබනන් සම්භවයක් සහිත මීයා කලීෆා ඇමෙරිකානුවන් අතරේ අතිශය ජනප්‍රිය පෝර්න් ස්ටාර් රංගන ශිල්පිණියක වූවාය. ඇයගේ රංගන නැරැඹූ පිරිස මිලියන 784 කි. එම අවස්ථාවේ, ඇමෙරිකානුවන් අතර අංක දෙකට ජනප්‍රිය පෝර්න් ස්ටාර් වූයේ මීයා යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS