මාලදිවයිනේ විනෝද වන කත්‍රිනා



කෙටි නිවාඩුවකට මාලදිවයිනට ගොස් විනෝද වන බොලිවුඞ් සුරූපිනිය කත්‍රිනා කයිෆ් ගේ ඡායාරූප පෙළෙක් මේ වනවිට සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

කත්‍රිනා මාලදිවයින බලා ගොස් ඇත්තේ ඇගේ අංග රචන ශිල්පී ඩැනියෙල් බවර්, ඇයට ව්‍යායාම උගන්වන පුහුණුකරු යැස්මින් කරච්චිවාලා සහ යෙහෙළියන් කණ්ඩායමක් ද සමඟය.

‘මේ මගේ යාළුවෝ. මගේ කණ්ඩායම. මේ අය තමා මගේ සාර්ථකත්වය’ යනුවෙන් කත්‍රිනා ට්විටර් සමාජ ජාලය ඔස්සේ ඡායාරූප පළ කරමින් පවසා ඇත.

ඉන්ටර්ග්‍රෑම් හරහා කත්‍රිනා කයිෆ්ට මිතුරු මිතුරියන් මිලියන 20 කට වැඩි ප්‍රමාණයක් සිටින අතර ඔවුන් සැවොම ඇයට සුබපතා ඇතැයි පැවැසෙයි.

කත්‍රිනාගේ නවතම චිත්‍රපටය වන්නේ ‘බාරත්’ ය. අලී අබ්බාස් සෆ්රාගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සල්මන් ඛාන්ය. කත්‍රිනා කෙටි නිවාඩුවකට මාලදිවයින බලා ගියේ ‘බාරත්’ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කිරීමෙන් පසු යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)


RECOMMEND POSTS