මලාලාට ප්‍රියංකා හමුවෙලා



නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ පාකිස්තාන ජාතික මලාලා යූසොෆ්සායි ට පසුගිය දා බොලිවුඞ් සුරූපී නිළි ප්‍රියංකා චොප්රා හමුවීමට අවස්ථාවක් ලැබුණි. ඒ, එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ සමුළුවට සමගාමීවය.

බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන මානව ක්‍රියාකාරිනියක ද වන මලාලා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක ද වෙයි. ‘මලාලා පදනම’ යන නමින් ඇයගේ මැදිහත් වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පදනමක් පිහිටුවා ඇත. ඒ, බාලිකා අධ්‍යාපනය වෙනුවෙනි.

බොලිඩුඩයේ ජනප්‍රිය නිළියක වන 35 හැවිරිදි ප්‍රියංකා චොප්රා හොලිවුඩයේ ද ජනප්‍රිය චරිතයකි. ඇය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයේ තානාපතිවරියක ලෙස කටයුතු කරයි.

තමා සැමවිටම ආදරය කරන නිළියක වන ප්‍රියංකා හමුවන්න ලැබීම සැබැවින්ම සතුටට කාරණාවක් යැයි සිය ට්විටර් වෙබ් ගිණුම ඔස්සේ ඡායාරූප පළ කරමින් මලාලා සටහනක් යොදා ඇත.

ඊට පිළිතුරු දෙමින් 35 හැවිරිදි ප්‍රියංකා ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් යොදා ඇත්තේ ‘මලාලා මට වචන නෑ. ඔයා හමුවන්න ලැබීම මට ලොකු සතුටක්. ඔයා ගැන මට හුඟක් ආඩම්බරයි’ කියාය.

20 හැවිරිදි මලාලා යූසොෆ්සායි ට්විටර් ගිණුමක් පරිහරණය ආරම්භ කළේ මෑතකදීය. ඇය මේ වනවිට ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය.

ජගත් මහ සමුළුවේදී විශේෂ ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සහභාගී වූ සමුළුවකට ද එක් වූවාය.

එපමණක් නොව ජගත් මහ සමුළුවට සහභාගී වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ බිරිය සමඟ ද මලාලා විශේෂ හමුවක් පැවැත්වූවාය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS