මලාලාගේ ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය අවසන්‍



බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඞ නගර නොබෙන් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මලාලා යූසොෆ්සායි ඇගේ ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපන කටයුතු අවසන් කළාය.

22 හැවිරිදි යුවතියක වන මලාලා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලනය, දර්ශනවාදය සහ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන්උපාධිය හැදෑරුවාය.

මලාලා යුසොෆ්සායි ලෝක අවධානයට ලක් වූයේ පාකිස්තානයේ ස්වාත් නිම්නයේ ජීවත් වෙද්දීය. බීබීසී උර්දු ගුවන් විදුලි නාළිකාව ඔස්සේ, බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් මලාලා හඞ නැගුවේ තලේබාන් ත්‍රස්තයන්ගේ උදහසට ලක් වෙමිනි. පාසල් වෑන් රියේ දී මලාලා ට තලේබාන් ත්‍රස්තවාදියකු වෙඩි තැබුවේ ඒ නිසාය.

හිසට බරපතල තුවාල සිදුවුණු මලාලාත් ඇගේ මව, පියා සහ සොහායුරාත් බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට එවකට බ්‍රිතාන්‍ය රජය පියවර ගත්තේය. ඒ අනුව, මලාලා ඇතුළු පිරිසට බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමිවුණු අතර, මලාලාට ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය හිමිවිය.

විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු සිට ට්විටර් ගිණුම හරහා අදහස් දක්වමින් මලාලා කියා සිටියේ පොත්වලට ඇලීගැලී සිටීමෙන් හෙම්බවත් වූ බවත්, ටික දිනක් නෙට්ෆ්ලික්ස් රූපවාහිනී කතා සහ චිත්‍රපට නරඹමින් ටික දිනක් විවේක ගන්නා බවත්, හොඳින් නිදා ගන්නා බවත්ය.

(බීබීසී)


RECOMMEND POSTS