බොලිවුඩ් ගායිකාවකටත් කොරෝනා !



බොලිවුඩ්යේ ජනප්‍රිය චිත්‍රපට පසුබ්ම ගායිකාව හා සම්මානනීය ගායිකාවක් වන  කනිකා කපූර් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයකින් අනතුරුව ඉන්දියාවට පැමිණි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

41 හැවිරිදි කනිකා කපූර් තම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ සටහනක් ද තබා තිබුණි.

( තිළිණි ද සිල්වා )

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS