බොලිවුඞ් නිළි රැජින ශ්‍රීදේවි සමුගනී



ජනප්‍රිය බොලිවුඩ් නිළි ශ්‍රී දේවි හදිසි හෘදයාබාධයකින් ඩුබායි හිදී ඊයේ (24) රාත්‍රියේදී මියගොස් තිබෙනවා.

මියයන විට 54 වන වියේ පසුවූ ඇය ඩුබායිබහි පවුලේ විවාහ උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

දමිළ භාෂීය  ච්ත්‍රපට 72 ක, හින්දි භාෂීය චිත්‍රපට 73 ක, මලයාලම් භාෂීය චිත්‍රපට 26 ක, කණ්ණඩ භාෂීය චිත්‍රපට 06 ක, තෙළිඟු භාෂීය චිත්‍රපට 85 ක රඟපා තිබෙන්නීය.

1997 දී සිදුවූ සිය විවාහයත්‍ සමග සිනමාවෙන් ඉවත් වූ ඇය සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ බොනී කපූර් ගේ බිරිද ද වන්නී.ඇයට ජාන්වී සහ කුෂී නමින් දියණියන් දෙදෙනෙකු සිටින්නීය.

විවිහයෙන් පසු ඇය නැවතත් බොලිවුඩ් සිනමාවට එක් වන්නේ 2012 වසරේ ගෞරි ෂින්දේ අඅධ්‍යක්ෂණය කළ " ඉන්ගිල්ෂ් වින්ග්ලිෂ් " චිත්‍රපටය හරහා.එය වාර්තා පිට වාර්තා තබමින් තිරගත විණි.

සිය රංගන කාර්ය සඳහා විවිධ සම්මාන 51 ක් දිනා ඇති ඇය 2013 දී ඉන්දියාවේ විශිෂ්ටතම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පුද ලැබුවා.

ශ්‍රීදේවිගේ හදිසි වියෝව බොලිවුඩය පමණක් නොව, ලොව පුරා සිටින බොලිවුඞ් සිනමා රසික රසිකාවියන්ට කම්පනයක් ගෙන දුන් පුවතක් යැයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ශ්‍රීදේවිගේ වියෝව සැළවීමත් සමඟ ඉන්දීය අගමැති මෝදි පවා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශෝකය පළ කර සිටියේය. ‘ජනප්‍රිය මෙන්ම ප්‍රවීණනිළියක ද වන ශ්‍රීදේවිගේ සමුගැනීම බොලිවුඞ් සිනමාවට සිදුවුණු විශාල පාඩුවක්. එකිනෙකට වෙනස් විවිධ චරිත නිරූපණයට ඇය ඉතා දක්ෂ තැනැත්තියක්. ඇය නැති අඩුව බොලිවුඞ් රසික රසිකාවියන්ට හොඳින් දැනේවි’ යැයි මෝදිගේ ශෝක පණිවුඩයෙහි සඳහන් වෙයි.

(තිළිණි ද සිල්වා)

ඉන්දීය පුවත් සේවා ඇසුරිනි

 


RECOMMEND POSTS