බොබ් මාර්ලි ගේ මරණය ගැන හෙළිදරව්වක් !



ප්‍රකට ජැමෙයිකානු ගායක බොබ් මාර්ලිගේ අභිරහස් මරණය ඝාතනයක් බව හෙළි වි ඇතැයි වාර්තා වේ.

නමුත් ඇමෙරිකානු සි.අයි.ඒ ඒජන්ත⁣යින් මෙම චෝදනාව පප්‍රතික්ෂේප කර සිටී. ඔවුන් කියා සිටින්නේ එය පදනම් විරහිත චෝදනාවක් බවය.

ඔහු මොළේ පිළිකාවකින් මිය ගිය බවට පිළිගත හැකි ලිඛිත සාක්ෂි තිබියදී කරන මෙම චෝදනා අසත්‍ය යැයිද ඔවූහූ කියා සිටිති.

බොබ් මාර්ලි ගේ ඝාතනය ගැන හෙළි වූ කරුණු වල තවදුරටත් සදහන් වන්නේ ඔහුට පරිත්‍යාග කළ පාවහන් යුගළක පිළිකා කාරක වෛරසයක් පොවා සවිකර තිබූ ඇණයක් පාදයේ ඇනීමට සළස්වා මෙම මරනය සිදු කළ බව ඔහුට එම පාවහන් යුවළ පරිත්‍යාග කළ සී. අයි. ඒ ඒජන්තයා හෙළි කර ඇත.

බිල් ඔක්‌සිල් නම් මෙම සී. අයි. ඒ. ඒජන්තවරයා කියන පරිදි මාර්ලී එම සපත්තු යුගළයෙන් එක්‌ සපත්තුවක්‌ පාදයට දමා ගත් සැනින් ඇණය පාදයේ ඇනීම නිසා "අවුච්" යනුවෙන් හඬ නඟා ඇත.

"බෆලෝ සෝල්ජර්" වැනි ගීත තුළින් ඇමරිකානු යැන්කි සංක්ස්කෘතිය නිර්දය ලෙස විවේචනය කළ බොබ් මාර්ලි  රෙගේ ගීතය තුළින් ප්‍රබල ඇමරිකානු විරෝධයක ගොඩ නැඟූ වේය.

1981 දී ඔහු මිය යන විට 36 වැනි වියේ පසුවිය.

සී.අයි.ඒ. සංවිධානය මේ අන්දමට මාධ්‍යවේදීන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් ඝාතනය කිරීමට ක්‍රියා කළ බව ද ඔක්‌සිල් හෙළි කර ඇත.

මේ වන විට 76 වැනි වියේ පසුවන ඔක්සිල් දැඩි ලෙස රෝගාතුරව මරණ මංචකයේ හිඳමින් ඔහු කළ මේ සියල්ල පිළිබඳ පාපොච්චාරණය කර ඇත.

( තිළිණි ද සිල්වා )
එන්බීසී සහ බිස්නස් ටු කමියුනිටි වෙබ් අඩවි ඇසුරෙනි.


RECOMMEND POSTS