බියොන්සේට නිවුන් දරු උපතක්



ලෝක ප්‍රකට ඇමෙරිකානු පොප් ගායිකා බියොන්සේ නිවුන් දරුවන් ප්‍රසූත කර තිබේ. විදෙස් මාධ්‍ය රැසක් මේ පිළිබඳ වාර්තා කර ඇත්තත් මේ වන තෙක් බියොන්සේ හෝ ඇයගේ ස්වාමි පුරුෂයා ඒ පිළිබඳව නිල වශයෙන් නිවේදනයක් සිදු කර නොමැත.

තව ද දරු උපත සිදුවූ දිනය වූ හෝ ඔවුන් ගැහැනු දරුවන් ද නැතහොත් පිරිමි දරුවන් ද යන්න සම්බන්ධයෙන් හෝ කරුණු අනාවරණය වී නොමැත. නමුත් බියොන්සේ විසින් සිදු කළ මෙම නිවුන් දරු උපත ගැන ඇයගේ පියා ට්විටර් සටහනක් මඟින් කරුණු හෙළි කර ඇති අතර එමඟින් එය හෙළි වී ඇත.

බියොන්සේගේ ස්වාමි පුර්ෂයා වන ජේ සී පසුගිය පෙබරවාරි මාසයේදී Instagram ඔස්සේ ඡායාරූපයක් පළ කරමින් බියොන්සේ තවත් දරු උපතකට සූදානම් වන බව පළමු වරට නිවේදනය කළ අතර එය Instagram ඉතිහාසයේ වැඩි පිරිසක් කැමැත්ත පළ කළ ඡායාරූපය බවට ද පත් විය.

පස් හැවිරිදි බ්ලූ අයිවි ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් දියණියයි.ග්‍රැමී සම්මානය සඳහා වැඩි ම වාර ගණනක් නිර්දේශ වූ ගායිකාව වන්නේ ද බියොන්සේ ය.

2016 වසරේ ලොව හොඳම අලෙවි වාර්තා තැබූ ගීත ඇල්බමය බවට පත් වූයේ, බියොන්සේගේ Lemonade ගීත ඇල්බමයයි.

( තිළිණි ද සිල්වා )

ද ගාඩියන් ඇසුරෙනි.


RECOMMEND POSTS