බ්‍රිතාන්‍ය ස්වදේශ ඇමැතිනියට චෝදනා



මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රික්සිට් ක්‍රියාවලියට ඇත්තේ තව දින 16 කි. පාලක කොන්සවර්ටිව් පක්ෂ රජයට්, කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා මෙන්ම බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා ද වන බොරිස් ජොන්සන්ට විශාල පීඩනයක් එල්ල වී ඇත.

බ්‍රික්සිට් ක්‍රියාවලිය කෙසේ සිදුවන්නේදැයි විමසා බැලීමට බීබීසී පුවත් නාළිකාවේ නිවේදක ඇන්ඩෲ මාර්, බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම්වරිය (ඇමැතනිය) වීඩියෝ පණිවුඩ හුවමාරැ ඔස්සේ සජීවීව සම්බන්ධ කර ගැණුනි.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් උත්සාහ ගන්නේ, යුරෝපා සංගමය සමඟ ගිවිසුමක් ඇතිව හෝ නැතිව බ්‍රිතාන්‍යය ඉවත් කර ගැනීමටය. ගිවිසුමකින් තොරව ඉවත් වීම බ්‍රිතාන්‍යයට අවාසියකි.

ආහාර, ඖෂධ පමණක් නොව අභ්‍යවකාශ කටයුතු ද ඇතුළු ක්ෂේත්‍ර රැසක පිරිස් අගමැති ජොන්සන්ගේ බ්‍රික්සිට් ගනුදෙනු ගැන කනස්සල්ලෙන් පසුවෙයි.

බීබීසී නිවේදකයා ස්වදේශ කටයුතු ලේකම්, ඉන්දීය සම්භවයක් ද සහිත ප්‍රීති පටෙල් සම්බන්ධ කර ගනිමින් ජනතාව දක්වන මෙම ‘කනස්සල්ල’ ඇයට පැහැදිලි කළේය.

ඒ ගැන හොඳ අවධානයෙන් අසා සිටි ​පටෙල්ගේ මුහුණේ උපහාසාත්මක සිනාවක් රැඳී තිබුණි. එය ඇය සිතාමතා කළ දෙයක් නොවුණත්, බීබීසී නිවේදකයාට එය ගැටලුවක් විය. ‘මම කියන දේ ඔබට විහිළුවක් බව පේනවා’ යැයි නිවේදකයා පටෙල්ට පැවැසුවේය.

(ඩේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS