බර්ට් රෙනෝල්ඞ් සමුගනී



70 දශකයේ ගොපලු චිත්‍රපට හරහා අතිශයින් ජනප්‍රිය බර්ට් රෙනෝල්ඞ්ස් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වසය අවුරුදු 82කි.

රෙනෝල්ඞ්ස් ෆ්ලොරීඩාවේ රෝහලකදී අවසන් සුසුම් හෙලූ බව වාර්තා වේ. ඒ, හදිසි හෘදයාබාධයකට ගොදුරුවීමෙනි.

2010 දී රෙනෝල්ඞ්ස් බයිපාස් හදවත් සැත්කමකට ද භාජන වූවෙකි.

1972 වසරේ ‘ඩෙලිවරන්ස්’ චිත්‍රපටය හරහා ලොව පුරා ජනප්‍රිය වූ රෙනොල්ඞ්ස්, ‘ස්මෝකි ඇන්ඞ් ද බැන්ඩිඞ්’, ‘කැනන්බෝල් රන්’ සහ ‘බුගී නයිට්ස්’ නමැති චිත්‍රපට හරහා ද ජනප්‍රිය විය.

රෙනෝල්ඞ්ස් දෙවරක් විවාහ විය. පළමු වරට විවාහ වූයේ ලෝනී ඇන්ඩර්සන් සමඟය. දෙවැනි වරට විවාහ වූයේ ජූඩි ක්‍රේන් සමඟය. ඒ, 1963 සිට 65 තෙක් කෙටි කාලයකට පමණි.

රෙනෝල්ඞ්ස් දරුකමට පුතෙකු හදා ගත්තේය. ඔහු ක්වින්ටන් ඇන්ඩර්සන් ය. අවසන් සුසුම් හෙලද්දී ක්වින්ටන් රෙනෝල්ඞ්ස් අසල සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS