බර අඩු කර ගත් හැටි



ආක්ෂේ කුමාර් සහ භූමි පෙඞ්නෙකාර්ගේ ‘ටොයිලට්: ඒක් ප්‍රෙම් කථා’ බොලිවුඞ් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට මිලියන 11 කට වැඩි පිරිසක් නරඹා ඇති අතර, වැසිකිළි පරිහරණය වැනි කාලීන මාතෘකාවක් පාදක කොටගත් චිත්‍රපටයක් හෙයින් මෙම චිත්‍රපටයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ද ප්‍රශංසා හිමිවී ඇත.

ආක්ෂේ කුමාර්ට පමණක් නොව, ප්‍රධාන නිළිය භූමි පෙඞ්නෙකාර්ට ද බොහෝ දෙනාගෙන් ප්‍රසංශා හිමිවෙයි.

භූමි පෙඞ්නෙකාර් අවසන් වරට අතරට පැමිණියේ මීට වසර දෙකකට පෙර  2015 වසරේ තිරගත වුණු ‘දුම් ලගා කේ හයිෂා’ චිත්‍රපටයේ තරබාරු පෙම්වතියකගේ චරිතයට පණ පොවමිනි.

ටොයිලට්: ඒක් ප්‍රෙම් කථා’ චිත්‍රපටයේ ඇය මුලුමනින්ම වෙනස්ය.

තරබාරු යුවතියක වූ ඇය මෙම චිත්‍රපටය වෙනුවෙන් කිලෝ 25 ක් බර අඩුකර ගෙන ඇත. තමන් බර අඩුකර ගත්තේ නිරෝගී ආහාර රටාවකින් යැයි භූමි කියයි. තමා කිසිම අවස්ථාවක බර අඩු කර ගැනීමට කුසගින්නේ නොසිටි බව ද ඇය වැඩි දුරටත් කියා සිටින්නීය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS