පූජා ට දැන් සුවයි



කොවිඩ් 19' ආසාදිතයකු වී සිටි තමන් අවසන් වරට කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බව තහවුරු වූයේ යැයි සුරූපී ඉන්දීය රංගන ශිල්පිනියක වන පූජා හෙජ් පවසයි.

30 හැවිරිදි පූජා මෙසේ පැවැසුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. 'මා හොඳින්. මගේ අලුත්ම PCR වාර්තාව Negative වෙලා. මා කොරෝනා ආසාදිතයකු වූ අවස්ථාවේ පටන් මගේ රසික රසිකාවියන් මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළා. ඉක්මණින් සුවය ලැබීමට මට එය ශක්තියක් වුණා. බොහොම ස්තුතියි හැමෝටම' යැයි පූජා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

කොරෝනා ආසාදිතයකු වූ නමුත් තමන් සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පමණක් පීඩා විඳි බවත් පූජා පැහැදිලි කර තිබේ. පූජා හෙජ් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය අප්‍රේල් 26 වැනිදාය. ඒ බව මාධ්‍ය වාර්තා කළේ ද ඇය නිකුත් කර තිබුණු 'ට්විටර්' පණ්වුඩය උපුටා දක්වමිනි.

'මා කෙරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබෙනවා. පසුගිය දිනවල මා ඇසුරු කළ සැම පරිස්සම් වෙන්න. PCR පරීක්ෂණවලට යොමුවන්න. මා නිවසේ නිරෝධායනයට යොමු කෙරුණා. වෛද්‍යවරුන් මා ගැන සොයා බලවනවා' යනුවෙන් එම ට්විටර් පණිවුඩයේ සඳහන් විය.

පූජා හෙජ් ඉන්දීය රංගන ශිල්පිනියක ලෙස රසික ආදරය දිනා සිටී. අතිශය ජනප්‍රිය වූ බොක්ස් ඔෆිස් වාර්තා ද පිහිටවූ හින්දි සහ තෙලිගූ සිනමා නිර්මාණවලට ඇය එක් වී සිටින්නීය.

2010 විශ්ව රූ රැජින කිරුළ වෙනුවෙන්, ඉන්දීය රූ රැජින තෝරා ගැනීමේ තරගාවලියේ දී දෙවැනි ස්ථානය දිනූ සුරූපිනිය වූයේ පූජා ය.

'මුගමෝදී' පූජාගේ පළමු චිත්‍රපටයයි. මෙය දෙමළ චිත්‍රපටයකි. 'මොහෙන්දෝ ජාරෝ' (2016) පූජාගේ පළමු බොලිවුඩ් සිනමා නිර්මාණයයි. 'මහාරිෂී' (2019), 'හවුස්ෆුල් 4' (2019) ආදී චිත්‍රපටවල පූජාගේ රංගනය කැපී පෙනෙයි. මෙම 2021 වසරේ තිරගත වන 'මෝස්ට් එලිජබල් බැචලර්' සහ 'රාදේ ෂියම්' යන චිත්‍රපටවල ද පූජා හෙජ්ගේ රංගනය දැකිය හැකිය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS