පීටර් ෆොන්ඩා සමුගනී



දීර්ඝ කාලයක් පුරාවට පෙනහළු පිළිකාවකින් පීඩා විඳි හොලිවුඩයේ අසහාය නළු පීටර් ෆොන්ඩා දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 79 කි.

පීටර් ෆොන්ඩා, හොලිවුඞ් නිළි ජේන් ෆොන්ඩාගේ බාල සොහොයුරාය. පීටර් ෆොන්ඩා 60 දශකයේ ජනප්‍රිය හොලිවුඞ් තරුවකි.

1969 වසරේ පීටර් ෆොන්ඩා රංගනයෙන් දායක වූ ‘ඊසි රයිඩර්’ අතිශය ජනප්‍රිය විය.

පීටර් ෆොන්ඩා සිනමා නළුවකු පමනක් නොව, රූපවාහිනී සහ වේදිකා නළුවෙකු ද වෙයි.

ඔහු ජනප්‍රිය රූපවාහානී කතාමාලා රැසකට රංගනයෙන් දායක වී ඇත.

(හොලිවුඞ් පුවත්)


RECOMMEND POSTS