පිලිප් කුමරු රෝහලේ



එලිසබත් මහ රැජිනගේ සැමියා වන 99 හැවිරිදි පිලිප් කුමරු රෝහල්ගත කර ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි.

එඩින්බරෝ ආදිපාදවරයා ලෙස ද හැඳින්වෙන පිල්ප් කුමරු ඇතුළත් කර ඇත්තේ ලන්ඩන් නුවර ‘කිංග් එඞ්වර්ඞ්’ රෝහලටය.

පිලිප් කුමරු රෝහලට පැමිණ ඇත්තේ, ඔහුගේ මෝටර් රථය පදවාගෙනය.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඒ නිසාය. පිලිප් කුමරුන්ගේ රෝගී තත්ත්වය ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට සම්බන්ධයක් නොමැති බව ද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS