පාකිස්ථාන තෙරේසා මව්තුමිය සමුගනී



පාකිස්ථානයේ තෙරේසා මව්තුමිය ලෙස විරුදාවලි ලැබූ ජර්මානු ජාතික  වෛද්‍යවරියක වූ රූත් ෆෝව් දිවියෙන් සමුගත්තාය.

පාකිස්ථානයෙන් ලාදුරු රෝගය තුරන් කිරීමට මුල්වූ තැනැත්තිය ලෙසයි වෛද්‍ය රූත් ෆෝව් හැදින්වෙන්නේ. ඇයගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 1966 වසර වන විට පාකිස්තානය පුරා පැතිර යමින් තිබූ ලාදුරු රෝගය තුරන් කිරීමට හැකියාව ලැබුණි.

එම මෙහෙවර හේතුවෙන් ඇය පාකිස්ථානයේ තෙරේසා මව්තුමිය ලෙස විරුදාවලි ලැබුවාය. අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය පාකිස්තානයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව වූවාය

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS