ප්‍රියංකාට සුබ උපන් දිනයක්



බොලිවුඩයේ පමණක් නොව, හොලිවුඩයේ ද ජනප්‍රිය සුරූපිනී ප්‍රියංකා චොප්රා අද සිය 36 වැනි උපන් දිනය සමරයි.

ප්‍රියංකා උපන් දිනය සමරනු ඇත්තේ ලන්ඩන් නුවර සිටය. ඒ ඇගේ පෙම්වතා නික් ජෝන්ස් සමඟය.

ඇමෙරිකන් ගායක නික් ජොන්ස් සහ ප්‍රියංකා අතර ආදර අන්දරයක් නිර්මාණය වූයේ ප්‍රියංකා ‘කොන්ටිකෝ’ රූපවාහිනී කතාමාලාවට සම්බන්ධ විමත් සමඟ යැයි පැවැසෙයි.

දෙදෙනා ප්‍රසිද්ධියේ පෙම්වතුන් ලෙස හැසිරෙන බව ඕපාදූප පුවත් සේවා පෙන්වා දෙයි. නික් ජෝන්ස්, ප්‍රියංකා වෙනුවෙන් විශේෂ චොකලට් කේක් ගෙඩියක් සූදානම් කර තිබුණු අතර, එහි දසුන් මේ වනවිට සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

(ඉන්දියන් එක්ස්ප්‍රෙස්)

 


RECOMMEND POSTS