ප්‍රියංකාගේ නම වරද්දලා



බටහිර රූපවාහිනී මාලා නාට්‍ය, සහ ටෙලි කතා මාලා ඇගැයීමට ලක් කෙරන ‘එමී’ සම්මාන උළෙලට හොලිවුඩයේ ද කැපී පෙනෙන නිළියක වන බොලිවුඞ් සුරූපිනී ප්‍රියංකා චොප්රා ද සහභාගී වූවාය.

සුපරුදු පරිදි සුන්දර සිනහවෙන් මුව සරසා ගෙන ප්‍රියංකා එමී සම්මාන උළෙලේ වේදිකාවට ගොඩ වූයේ සම්මාන ප්‍රධානය කිරීමටය. ඒ, කළු ජාතික ප්‍රහසන නළුවකු වන ඇන්තනි ඇන්ඩර්සන් සමඟය.

දෙදෙනා වේදිකාවට ගොඩ වූයේ හොඳම සන්වාදශීලී වැඩසටහනට සම්මාන දීමටය. එම අවස්ථාවේදී නිවේදකයන් ප්‍රියංකා චොප්රා හඳුන්වා දුන්නේ ‘ප්‍රියංකා චෝපා’ යනුවෙනි.

නිවේදකයන්ට ප්‍රියංකාගේ නම වැරැදීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩ ඔස්සේ දොස් අහන්න සිදුවී ඇතැයි එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ප්‍රියංකා චොප්රා ඇමෙරිකානු ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක් වූයේ ‘කොන්ටිකෝ’ රූපවාහිනී කතා මාලාවෙනි. ‘කොන්ටිකෝ’ කතාමාලා දෙකක් මේ වනවිට තිරගත වී ඇත. ඊට අමතරව, මෑතදී තිරගත වුණු ‘බේචොච්’ ප්‍රහසන ක්‍රියාදාම චිත්‍රපටයේ දුෂ්ඨයා ලෙස රංගනයෙන් දායක වූයේ ද ප්‍රියංකාය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS