ප්‍රියංකා සමාව ඉල්ලයි



බටහිර සිනමා රසික රසිකාවියන්ගේ අවදානය දිනාගෙන සිටින බොලිවුඞ් සුරූපිනිය ප්‍රියංකා චොප්රා, ඇය රංගනයෙන් දායක වන ක්වොන්ටිකෝ ඇමෙරිකන් රූපවාහිනී කතාමාලාව සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කර ඇත.

ප්‍රියංකා බටහිර රටවල ජනප්‍රිය වී සිටින්නේ ද මෙම ක්වොන්ටිකෝ කතා මාලාව හරහාය. මෙහි ඇය එෆ්.බී.අයි. පරීක්ෂකවරියක වන ඇලෙක් පෙරිෂ්ගේ චරිතයට පණ දෙයි.

මේ වනවිට තිරගත වන්නේ ක්වොන්ටිකෝ කථා මාලාවේ තෙවැනි වැඩසටහන් පෙළය.

පසුගිය දා  විකාශය වූ කතාංගයේ, ඇමෙරිකාවේ බෝම්බ පිපිරීමක් සිදුකර එහි චෝදනාව පකිස්තානය පිට පැටවීමට ප්‍රියංකා චොප්රාගේ ඇලෙක් පෙරිෂ් චරිතය බොරු සැලැස්මක් ඉදිරිපත් කරයි. ඒ, ත්‍රස්තවාදියකු ග්‍රහණයට හසු කර ගැනීම සඳහාය.

ප්‍රියංකා ඉන්දියානුවකු වීමත්, ඇය බොරුවට හෝ පාකිස්තානය සම්බන්යෙන් මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැනත් ඇයට පාකිස්තානයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

පාකිස්තාන වැසියන් ත්‍රස්තවාදීන් යැයි ක්වොන්ටිකෝ වැඩසටහන හරහා වැරැදි ප්‍රතිරූපයක් ලොවට පෙන්නුවේ යැයි, කොන්ටිකෝ වැඩසටහන නිෂ්පාදනය කරන ඒ.බී.සි. නාළිකාවට ද දොස් අහන්න සිදුවිය.

ප්‍රියංකා පමණක් නොව, ඒ.බී.සී. නාළිකාව ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රෙක්ෂකයන්ගෙන් මෙන්ම පාකිස්තානයෙන් ද සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS