නලුකම් අත්හැර අධ්‍යක්ෂණයට



ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පියෙකු වන සනී ඩියෝල්, රඟපෑම නතර කරමින්  චිත්‍රපට අධ්‍යක්ෂණකවරයෙකු ලෙස සිනමා ලෝලීන් අතරට පැමිණීමට සූදානම් වේ.

ඒ, පල් පල් දිල්කේ පාස් නැමති චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි.මෙහි විශේෂත්වය වන්නේ සිය ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයේදී සිය එකම පුතුණුවන් වන කරන් ඩියෝල් බොලිවුඩ් සිනමාව වෙත හඳුන්වා දීමයි.සනී ඩියෝල් ප්‍රසිද්ධියේ එරට මාධ්‍යකරුවන් වෙත ප්‍රකාශ කියා සිටියේ තම පුතු දක්ෂ නලුවකු වනු ඇතැයි තම අපේක්ෂාව වන බවය.

කරන් ඩියොල් සහ සහේර් බම්බා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය, ඔක්තෝබර් 5 වැනිදා සිට ලොවපුරා සිනමා ශාලාවල තිරගත වනු ඇති.

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS