දීපිකාට සුබ උපන් දිනයක්



තිරගතවීමටත් පෙර මහත් ආන්දෝලනයකට ලක් වුණු ‘පද්මාවතී’ චිත්‍රපටයේ ‘පද්මාවතී’ ලෙස චරිත නිරූපණය කරන බොලිවුඞ් සුරූපිනිය දීපිකා පදුකෝන් අද (5) සිය 32 වැනි උපන්දිනය සමරයි.

දීපිකා බොලිවුඞ් සිනමාවට අවතීර්ණ වී අද වනවිට 11 වසරක් සපිරෙයි. එපමණක් නොව, ඇය පසුගිය වසරේ තිරගත වුණු ‘ට්රිපල් එක්ස්: රිටර්න් ඔෆ් සෙන්ඩර් කේජ්’ හොලිවුඞ් චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයක් නිරූපණය කළාය.

දීපිකා පදුකෝන් බොලිවුඞ් සිනමාවට අවතීර්ණ වූයේ 2007 වසරේ දී, ‘ඕම් ශාන්ති ඕම්’ චිත්‍රපටයේ ෂාරුක් ඛාන් සමඟ කළ අපූරු රංගනයෙනි. එම චිත්‍රපටයේ ඇය රඟපෑවේ 70 දශකයේ නිළියකගේ චරිතයයි.

2008 වසරේ 2010 තෙක් කාලයේ දීපිකා කාගේත් කතාබහට ලක් වූයේ ඇගේ විලාසිතා හරහාය. බොහෝ දෙනාගේ පැසැසුමට පමණක් නොව, දෝෂදර්ශනයට ද ඇගේ එම විලාසිතා හේතුවක් විය.

කෙසේ නමුත් 2012 වසරේ දී ඇයගේ විලාසිතා කාගේත් මවිතයට හේතුවක් විය. ඇයට දොස් කී සැමට කටඋත්තර නැතිවුණැයි බොලිවුඞ් ඕපාදූප පුවත් සේවා වාර්තා කළේය.

දීපිකා සහ ජනප්‍රිය බොලිවුඞ් නළු රන්වීර් සිං අතරේ ආදර හුටපටයක් පවතින බවත් දෙදෙනා අද දිනයේ විවාහ වනු ඇති බවටත් රාවයක් බොලිවුඞ් ඕපාදූප පුවත් සේවා වාර්තා කර තිබුණි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS