දීපිකාගේ විවාහය



බොලිවුඩය තම වසඟයට ගත් සුරූපී රංගන ශිල්පිනිය දීපිකා පදුකෝන්ගේ  විවාහය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා.ඒ ඇය තම විවාහ උත්සවය පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟයි.

දීපිකා තම විවාහය මෙම වසරේ නොවැම්බර් මස 10 වැනිදා  ඉන්දියාවේ මුම්බායි හිදී පවත්වන බවයි මෙලෙස නිවේදනය කර ඇත්තේ.සුප්‍රකට ‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය ඔස්සේ ඇය මේ බව නිවේදනය කර තිබෙනවා.හින්දු චාරිත්‍රානුකූලව දීපිකා ගේ නිවහන වූ බැංගලෝරයේදී යේදීත් , ඉතාලියේ දීත් පැවැත්වෙන බව බොලිවුඩ් ආරංචි කියා සිටී.

මේ අතර දීපිකාගේ අත්ගන්නා බොලිවුඩ් සුපිරි සිනමා තරුවක් වන රන්වීර් සිං වෙතද මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ  පසුගිය දා (06) යෙදී තිබු ඔහු ගේ 33 වැනි උපන්දිනය⁣⁣ට දීපිකා ඇතුළු බොලිවුඩ් තරු රැසක් සුබ පැතීමත් සමගය.

මෙලෙස තම විවාහයැන රන්වීර් සිං අදහස් දක්වා ඇති අතර ඔහු කියා සිටින්නේ විවාහයෙන් අනතුරුව තමන් සිනමාවේ දැකගත නොහැකි බවයි.

කෙසේ වෙතත් ඔහු එලෙස ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ තමන් කෙටි කලකට සිනමා රංගන කටයුතුවලින් ඉවත්වීමට බලාපොරොත්තුවන බවයි.

මේ වනවිට ළඟදීම සිදුවන්නට නියමිත තම විවාහ උත්සවයට සුදානම් වීම සඳහා මෙම බොලිවුඩ් සුපිරි තරු යුගල තමන් භාරගත් වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීමට වැඩි අවධානයක් යොමුකර ඇති බවද සදහන් වේ.

( තිළිණි ද සිල්වා )
හින්දුස්ථාන් ටයිම්ස් 

RECOMMEND POSTS