දීපිකා සහ රන්වීර් ගේ සුපිරි විවාහය !



( තිළිණි ද සිල්වා )

ඉන්දියා ටයිම්ස් ඇසුරෙනි ...

වසර හයක පෙම් පුවත නිමා කරමින් බොලිවුඩ්හි ආදරණීය පෙම් යුවළ වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං අද (15) හින්දු චාරිත්‍රානුකූල ලෙසින් විවාහ විය.

ඉතාලියේ මිලානෝ නුවර පිහිටි කෝමෝ විල ආසන්නයේ පිහිටි සුපිරි මන්දිරයකදී විවාහ වූ දීපිකා සහ රන්වීර් ගේ විවාහ මංගල්‍යය දකුණු හා උතුරු ඉන්දීය චාරිත්‍ර යටතේ පැවැත්විණි.

14 හා 15 දෙදින තුළ රන්වීර් සිං හා දිපීකා පදුකෝන්ගේ විවාහ පැවැති දෙදින ඊට සහභාගී වූයේඔවුන් ගේ පවුලේ සමීපතමයන් සහ බොලිවුඩනේ ෂාරුක් ඛාන් , ෆාරා ඛාන් , ආදිත්‍ය චොප්රා සහ සංජේ ලීලා බන්සාලි පමණක් යැයි ‘ඉන්දීය ටයිම්ස්’ වෙබ් අඩවිය සඳහන් කරයි. ඔවුන් මේ යුවළට සිනමාවේ තරු වීමට අවස්ථාව උදා කර දුන් අය වීම නිසා මෙම ආරාධනය කර ඇත.

17 වැනිදා තෙක් මිලානෝ නුවර සිටි නව යුවළ සිය පවුලේ අය වෙනුවෙන් යුරෝ 400 දෛනික කාමර ගාස්තු යටතේ කාමර 51 ක්ද වෙන් කරවා ගෙන ඇත.

පසුගිය කාලයේ මොවුන් දෙදෙනාගේ විවාහය කල්ගත වන බවට ඉඟි පළවුවද පසුව රන්වීර් හා දිපීකා විවාහය ඒ ආකාරයෙන්ම සිදුවිය. මුම්බායි නුවරට පැමිණි පසු නව යුවළ දෙසැම්බර් 28 වැනිදා බොලිවුඩ් සිනමාකරුවන්, ක්‍රීඩා තරු මෙන්ම දේශපාලනඥයින් 500කට අධික පිරිසක් සදහ ප්‍රියසම්භාෂණයක්ද පවත්වනු ඇත.පසුව පවුලේ නෑයින් සහ හිතවතුන් වෙනුවෙන් බැංගලෝර්යේ තවත් සාදයක්ද පවත්වනු ඇත

සංජේ ලීලා බන්සාලි විසින් 2013 දී අධ්‍යක්ෂණය කල රාම් ලීලා චිත්‍රපටයේ ප්‍රධාන චරිත රගපෑ අවස්ථා⁣වේදී ආදර සබදතා පටන් ගත් මේ යුවළ ඉන්පසුව එම අධ්‍යක්ෂක විසින් නිර්මාණය කළ බජිරාඕ මස්තානි සහ පද්මාවත් යන සිනමා නිර්මාණ වලින් එක්වූ අතර ඒවා සියල්ල බොක්ස් ඔෆීස් වාර්තා ⁣බිද හෙළිමට සමත් විය.

 



RECOMMEND POSTS