දීපිකා විවාහ සාදයට කත්‍රිනාත් ඇවිත්



මෑතකදී විවාහප්‍රාප්ත වූ දීපිකා පදුකෝන් සහ රන්වීර් සින්ග් යුවල සිය විවාහයට සමගාමීව පැවැත්වූ අවසන් සාදය පසුගියදා මුම්බායි නුවරදී පැවැත්විය. බොලිවුඩයේ සුපිරි නළු නිළියන් රැසක් ඊට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බොලිවුඩ් සිනමා තාරකා යුවලක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං සිය විවාහයට සමගාමීව තවත් සාදයක් ඉන්දියාවේ මුම්බායි නුවරදී පවත්වා තිබේ.මේ අතරින් විශේෂ වන්නේ දීපිකා ගේ කලින් පෙම්වතා වූ රන්බීර් කපූර් සමග පසුකාලීන පෙම්වතිය වූ කත්‍රිනා කායිෆ්ද මෙම සාදයට එක්වීමයි. කත්‍රිනා ගේ මේ පැමිණිම බොලිවුඩ් මාධ්‍ය වල කතා මවන්නක් බවට පත්විය.

ඊට සිනමා තාරකාවන් ජනප්‍රිය ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් එක්ව සිටි බව පැවසෙයි.මොවුන් දෙපල සිය විවාහ උත්සවයට සමගාමීව පැවැත්වූ තෙවන සාදය මෙයයි.

අමිතාබ් බච්චන්, ඓශ්වරයා රායි, ශාරුක් ඛාන්, අනිල් කපූර්, අනුෂ්කා ශර්මා, කරීනා කපූර් ඇතුළු බොලිවුඩයේ සුපිරි නළු නිළියන් රැසක් මීට එක්ව සිටියේය. මේ සඳහා ඉන්දීය ජනප්‍රිය ක්‍රීඩා තාරකාවන් වන කපිල් දේව් සහ සචින් ටෙන්ඩුල්කාර් ගේ සහභාගීත්වය කැපී පෙනුණි.

ලෙබනන විලාසිතා නිර්මාණ ශිල්පී  සුහෙයිර් මුවර්ඩ්ගේ රතු පැහැ දිගු ගවුම් විලාසිතාවකින් හැඩගැන්වුණු  දීපිකා පදුකෝන් මෙහිදී කාගේත් නෙත් සිත් පැහැර ගැනීමට සමත් විය.

වසර කිහිපයක් පෙමින් වෙලී සිටි දීපිකා රන්වීර් යුවල ඉතාලියේ අතිසුඛෝපභෝගී හෝටලයක සිය මංගල උත්සවය පැවැත්වුවේ පසුගිය නොවැම්බර් මාසයේදී වන ඔවුන් සිය විවාහයට සමගාමීව පැවැත්වූ අවසන් සාදය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

( තිළිණි ද සිල්වා )

ටයිම්ස් නව් ඇසුරෙනි


RECOMMEND POSTS