දීපිකා - කෝලි කැපී පෙනන පුද්ගලයන් අතරට



2018 වසරේ ලොව කැපී පෙනන පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුව මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, බොලිවුඞ් සුරූපිනිය දීපිකා පදුකෝන් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ද ඒ අතර සිටිති.

දීපිකා පදුකෝන් ලොව කාගේත් කතාබහට මෙන්ම අවදානයට ලක් වූයේ ආන්දෝලනාත්මක ‘පද්මාවත්’ චිත්‍රපටයෙනි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද වන විරාත් කෝලි ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ දක්ෂ ක්‍රීඩකයකු ලෙස පමණක් නොව, තවත් බොලිවුඞ් සුරූපිනියක වන අනුෂ්කා ෂර්මා සමඟ විවාහ වීමෙනි.

වසරේ ලොව කැපී පෙනෙන පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වීම සම්බන්ධයෙන් දීපිකාගේ යෙහෙළියක පමණක් නොව, තවත් බොලිවුඞ් සුරූපිනියක ද වන ප්‍රියංකා චොප්රා, දීපිකා පදුකෝන්ට සුබ පතා ඇතැයි ද වාර්තා වේ. පසුගිය වසරේ ලොව කැපී පෙනෙන පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවට ප්‍රියංකා ද ඇතුළත් වූවාය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS