දියණියෝ රඟපානවාට කැමැති නෑ



තම දියණියන් දෙදෙනා ජන්වී සහ කෞෂී රංගනයට යොමු වෙනවා දැකීමට තමාගේ වැඩි කැමැත්තක් නැතැයි බොලිවුඞ් නිළි රැජින ශ්‍රීදේවි කියයි.

80 සහ 90 දශකයේ බොලිවුඞ් සුරූපිනියක වන ශ්‍රීදේවි බොලිවුඞ් සිනමාවට අවතීර්ණ වූයේ අඩු වයසිනි. ශ්‍රීදේවි අදත්, බොලිවුඞ් නිර්මාණවලට සම්බන්ධ වන්නීය. මීට වසර කීපයකට පෙර තිරගත වුණු ‘ඉංග්‍රිපිෂ් වින්ග්ලිෂ්’ චිත්‍රපටය ඉන්දියාවේ පමණක් නොව, බටහිර රටවල ද අතිශයින් ජනප්‍රිය විය.

ශ්‍රීදේවිගේ බොලිවුඞ් දිවියට වසර 50 ක් සපිරෙන අතර ඇය චිත්‍රපට 300 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත. ශ්‍රීදේවි විවාහ වී සිටින්නේ බොනී කපූර් සමඟය.

ශ්‍රී දේවිගේ දියණිය ජන්වී මේ වනවිට රංගනයට යොමු වී සිටින්නීය. ‘ස්ටුඩන්ට් ඔෆ් ද යර්’ චිත්‍රපටයේ දෙවැනි කොටසේ චරිතයක් ඇයට හිමිවී ඇතැයි ද පැවැසෙයි.

කෙසේ නමුත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී දේවි පවසා ඇත්තේ තම දියණියන් විවාහ වී සතුටින් සිටිනවා දැකීමට තමන් වඩාත් කැමැති බවත්, ඔවුන් රංගනයට යොමු වෙනවා දැකීමට තමන් අකමැති බවත්ය. තමා මෙසේ කියන්නේ බොලිවුඞ් සිනමාව ගැන කළකිරීමකින් නොවන බව ද ශ්‍රීදේවි අවධාරණය කර තිබේ.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)

 


RECOMMEND POSTS