ත්‍රාසය පිරි චිත්‍රපටයක්



කොන්ජරින් 1 සහ 2 අතිශය ජනප්‍රිය ත්‍රාසය සහ භීතිය පිරි බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ හොලිවුඞ් චිත්‍රපට දෙකකි. ඇනබෙල් 1 සහ 2 චිත්‍රපට ද කොන්ජරින් චිත්‍රපට මාලාව සමඟ සම්බන්ධ වෙයි.

කොන්ජරින් 2 චිත්‍රපටය හරහා බිහිසුණු නපුරු භූතාත්මයක් ආවේශ වුණු කන්‍යා සොහොයුරියක ගැන හෝඩුවාවක් දකින්න ලැබුණි. එම කන්‍යා සොහොයුරියගේ කතාව පාදක කරගනිමින් ‘ද නන්’ යන නමින් මෙම චිත්‍රපටය කරළියට එයි.

‘ද නන්’ යනු නපුරු භූතාත්ම පලවා හරින පූජකවරයකු සහ ඔහුට සහාය දෙන තරුණ ආධුනික කාන්‍යා සොහොයුරියක ගැන කතාවයි. වතිකානය මොවුන් දෙදෙනා අඳුරු ආරාමයකට යවයි. ඒ, එහි ඇතැයි පවතින නපුරු බලවේගයක් ගැන සොයා බැලීම සඳහාය.

‘ද නන්’ ත්‍රාසය භීතිය සහ කුතුහලය පිරුණු චිත්‍රපටයක් බව එහි අධ්‍යක්ෂ කොරින් හාඩී කියයි. ‘ද නන්’ චිත්‍රපටය ලොව පුරා තිරගත වනු ඇත්තේ සැප්තැම්බර් 7 වැනිදා සිටය. ටයිසා ෆර්මිගා, බූනී ආනෝස්, ජොනී කොයින්, චාලට් හෝප් ආදීහු චිත්‍රපටයට රංගනයෙන් එක් වී සිටිති.


RECOMMEND POSTS