ඩබූගේ 2020 කැලැන්ඩරය



ඩබූ රට්නායි බොලිවුඩයේ ජනපි‍්‍රය ඡායාරූප ශිලිපියෙකි. ඉන්දියානුවන් ඩබූ රට්නායි හඳුනන්නේ විලාසිතා ඡයාරූප ශිලිපියකු වශයෙනි.

ඩබූ රට්නායි, 1999 වසරේ සිට බොලිවුඞ් සුපිරි නළු නිළියන් ඡුායාරූපයට නගමින්, එම ඡායාරූප එක් කර දින දර්ශනයක් එළිදක්වයි. ඩබූ රට්නායිගේ මෙම දින දර්ශනය බොලිවුඞ් නළු නිළියන්ගේ පමණක් නොව, බොලිවුඩයට ආදරේ කරන සැමගේ පැසසුමට ලක් වී තිබේ.

2020 වසර සඳහා දින දර්ශනය එළිදැක්වීම පසුගිය දා මුම්බායි නුවරදී සිදුවිය. ඊට බොලිවුඩයේ ජනපි‍්‍රය, ප‍්‍රවීණ නළු නිළියෝ රැසක් එක් වූහ. රේඛා, සනී ලියොන්, භූමි පෙන්ඩෙකාර්, ජැකී ෂෙරොෆ් ආදීහු එම අවස්ථාවට එක් වූහ.

මෙම ඡායාරූප පෙළට අයත් වන්නේ ඩබූ රට්නායිගේ දින දර්ශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වුණු නළු නිළියන් පිරිසය.

(ඒ.එෆ්.පී. සහ ඉන්දීය
පුවත් සේවා ඇසුරිනි)

 


RECOMMEND POSTS