ට්‍රම්ප් ලේලි රෝහලේ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ලේලිය වෙනේසා ට්‍රම්ප් හදිසියේ රෝහල් ගත කර ඇති බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

වෙනේසා යනු ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දෙවැනි කසාදයේ පුතා වන ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර්ගේ බිරියයි.

වෙනේසා රෝහල් ගත කිරීමට හේතු වී ඇත්තේ, ඇය සැමියා ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කණිෂ්ඨ) ගේ නමට ලැබුණු ලියුම් කවරයක් කඩා බැලීමත්, එම ලියුම් කවරය ඇතුළත සුදු පැහැ කුඩු වර්ගයක් තිබීමත් යැයි නිව්යෝක් පොලිසිය කියයි.

එම කුඩු වර්ගය විස කුඩු වර්ගයක් විය හැකි යැයි අනුමාන කරමින්, වැඩි ආරක්ෂාවට වෙනේසා රෝහල යැවුණු බව නිව්යෝක් පොලිසිය කියා සිටී. කෙසේ නමුත් අවසානයේදී තහවුරු කරගෙන ඇත්තේ එය විස කුඩු වර්ගයක් නොවන බවටය.

(රොයිටර්)


RECOMMEND POSTS