ටයිම් සගරාව වසරේ පුද්ගලයා නම් කරයි



ලිංගික අතවර සහ හිරිහැරවලට එරෙහිව නැගී සිටි "නිහඬ බව බිඳින්නෝ" (The Silence Breakers ) නමින් හඳුන්වන කාන්තාවන් පිරිසක් "වසරේ පුද්ගලයා" ලෙසින් ඇමෙරිකාවේ ප්‍රකාශයට පත් කෙරෙන ටයිම් සඟරාව විසින් නම් කරනු ලැබ තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, Time සඟරාවේ "වසරේ පුද්ගලයා" අංශයේ දෙවෙනි ස්ථානය හිමිකරගෙන තිබීම විශේෂත්වයකි .

හොලිවුඩ් නිෂ්පාදක හාවි වයින්ස්ටයින් ට එරෙහිව ඈෂ්ලි ජූඩ් නැමැති හොලිවුඩ් නිළිය ලිංගිත අතවර චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව
MeToo
 නම් හෑෂ්ටෑගය යටතේ බොහෝ කාන්තාවෝ තමන් මුහුණ දුන් අතවර පිළිබඳව හෙළිදරවු කිරීමට පෙළඹුනහ. මේ සමගම ලෝ ප්‍රකට ගායිකා ටේලර් ස්විෆ්ට් ද මෙම ව්‍යාපාරය සමග එක්වූවාය.

එහෙත් #MeToo ව්‍යාපාරය සමස්ත චිත්‍රය නොවන බව පවසන ටයිම් සඟරාවේ ප්‍රධාන කර්තෘ එඩ්වඩ් ෆෙල්සන්තාල් (Edward Felsenthal) හාවි වයින්ස්ටයින්ට චෝදනා එල්ලවීමත් සමග මතු වූයේ දශක ගණනාවක් ඇතුළත දක්නට ලැබුන වේගවත්ම සමාජ ව්‍යාපාරය බවත් සඳහන් කරයි.

සිය අත්දැකීම් හෙළි කිරීමට ඉදිරිපත් වූ සිය ගණනක් දිරිමත් කාන්තාවන් සහ ඇතැම් පුරුෂයන් විසින් එම ව්‍යාපාරය ආරම්භ කරනු ලැබූ බව ද කතුවරයා පෙන්වා දෙයි.

ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට සිය අත්දැකීම් හෙලිකිරීම පිණිස #MeToo සහයෝගිතා ව්‍යාපාරයක් බවට පත් වූ බව ද Time සඟරාව පෙන්වා දෙයි.

එම ව්‍යාපාරයට නායකයෙකු හෝ පිළිගත් ප්‍රතිපත්ති මාලාවක් නොවූ බව පවසන සඟරාව, සියලු ජනවර්ගවලට, සියලුම පන්තිවලට සහ සියලුම වෘත්තීන්ට අයත් කාන්තාවන් එයට සම්බන්ධ වූ බවත් සඳහන් කරයි.

(තිළිණි ද සිල්වා)
බීබීසී ඇසුරෙනි

 


RECOMMEND POSTS