ජෝර්ජ් කුමරුට ‘සද්ද එපා’ කියලා



බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මවු රැජිනගේ 92 වැනි ජන්ම දිනය නිමිත්තෙන්, විශේෂ හමුදා උත්තමාචාර පෙළපාළියක් මෙන්ම රාජකීය ගුවන් හමුදාවේ ගුවන් සන්දර්ශනයක් පසුගිය සෙනසුරාදා (9) පැවැත්විණි.

සුපුරුදු පරිදි මහ රැජින ඇතුළු රජ පවුලේ සාමාජිකයෝ, බකිංහැම් මාලිගයේ සඳළුතලයට එක්රොක් වී සිටියේ හමුදා පෙළපාළිය සහ ගුවන් යානා සන්දර්ශනය නැරැඹීමටය.

රජ පවුලේ පොඩිත්තන් අතර බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි ජෝර්ජ් කුමරු, නැගණිය චාලට් පමණක් නොව, ඔවුන් දෙදෙනාගේ ඥාති සොයුරු සොයුරියෝ ද එතැන සිටියහ.

එම අවස්ථාවේදී බ්‍රිතාන්‍යයේ අනාගත රජු වීමට නියමිත ජෝර්ජ් මල්ලි සද්ද කරනවා වැඩියි මැසිවිලි නගමින්, සද්ද කරන්න එපා යැයි කීමට ඔහුගේ ඥාති සොයුරියක වන සවානා පිලිප් මැදිහත් වූවාය.

එම ඡායාරූප මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, රජ පවුලේ හුරතල් පොඞ්ඩන් ලොව කාගේත් කතාබහට ලක්වී ඇත.

(ඬේලිමේල්)


RECOMMEND POSTS